by Staff writer 17-06-2019 | 5:45 PM
COLOMBO (News 1st) - ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අද කොළඹ පුරහල ප්‍රදේශයේ චීන අවන්හලක් වටලා තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එහිදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
එහි හිමිකරු බව කියන කාන්තාවක් ද ප්‍රශ්න කිරීම සඳහා තම භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.