නැගෙනහිර සහ ඌව පළාත්වලට අද පස්වරුවේ වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලට අද පස්වරුවේ වැසි

by Staff writer 16-06-2019 | 7:54 AM

COLOMBO (News 1st) - නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ධීවර සහ නාවුක ප්‍රජාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු වේ.