දිනයින පුරා සංවිධානය කළ දන්සල් පරීක්ෂාවකට

දිනයින පුරා සංවිධානය කළ දන්සල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

by Staff writer 16-06-2019 | 7:10 AM

COLOMBO (News 1st) - පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධාන කළ දන්සල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද දිනයේ ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සල් සංඛ්‍යාව 7870 කට අධිකයි. දන්සල් සංවිධානයේදී පවිත්‍රතාවය පිළිබඳව සැලකිලිමත් වියයුතු බව යසස් මුදලිගේ මහතා දන්සල් සංවිධායකවරුන්ට දැනුම් දෙයි. මේ අතර වන්දනා ගමන්වල නිරත වන ජනතාව ජලය පානය කිරීමේදී හා ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. ආහාර සම්බන්ධයෙන් කුමන හෝ පැමිණිල්ලක් ඇත්නම් 011 2 635 675 යන දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා පැවසීය.