ටජිකිස්ථාන සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

ටජිකිස්ථාන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

by Staff writer 16-06-2019 | 10:42 AM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

ඒ, ටජිකිස්ථානයේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ විශේෂ දේශනයකට සහභාගීවීමෙන් අනතුරුවයි. තෙදින නිල සංචාරය අතුරතුර ජනාධිපතිතුමා ටජිකිස්ථාන ජනාධිපතිතුමා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් විය. ජනාධිපතිතුමා ඊයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ද හමුවිණි.