ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-06-2019 | 6:18 AM

දේශීය පුවත්

1. අගරදගුරු හිමිපාණන් සියොන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක: කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ මඩකලපුවේ සියොන් දේවස්ථානයේ සංචාරයක නිරත විය. 2. නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට: නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඊයේ පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි. 3. ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් බලවතුන්ට ඉඩ දිය යුතු නැහැ – ජනපති ආසියානු නායකයින් අමතමින් කියයි: රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදු විය. 4. රතු නිවේදනයට අනුව අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව Interpol කියයි: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් මැදි පෙරදිග රාජ්‍යයකදී ප්‍රධාන ත්‍රස්ත කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ තමන් රතු වරෙන්තුවක් නිවේදනය කිරීමෙන් අනතුරුව බව ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය පවසයි.

විදෙස් පුවත්

5. රුසියානු මිසයිල නාශක පද්ධතියක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවෙන් ඉන්දියාවට බලපෑම්: නවදිල්ලිය S – 400 වර්ගයේ රුසියානු මිසයිල නාශක පද්ධතිය මිලදී ගන්නේ නම් අමෙරිකාව හා ඉන්දියාව අතර සහයෝගීතාවට එය බාධාවක් විය හැකි බව ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට දැනුම් දී තිබේ.