කුරුණෑගලදී ත්‍රීරෝද රථයක් පෙරළී 6කට තුවාල

කුරුණෑගලදී ත්‍රීරෝද රථයක් පෙරළී 6කට තුවාල

by Staff writer 16-06-2019 | 4:00 PM
COLOMBO (News 1st) : කුරුණෑගල, ඇතෑගල කන්දෙන් ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් එක ම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ මව, පියා සහ දරුවන් සිව්දෙනකි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර පියාගේ තත්ත්වය බරපත‍ළ බව පොලිසිය ප්‍රකාශ කළේ ය. ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මොවුන් මෙම අනතුරට ලක්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.