කසළ තේ කිලෝ 2230 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කසළ තේ කිලෝ 2230 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 16-06-2019 | 1:39 PM

COLOMBO (News 1st) - පරිභෝජනයට නුසුදුසු කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු දවුලගල බූවැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සොයාගෙන ඇති කසළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 2230 කි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී මේවා සොයා ගැනුණි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කසළ තේ තොගය සහ සැකකරු දවුලගල පොලිස්ථානයට භාරදී ඇත.