අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ගිල දැමූ සිරකරු මරුට

අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ගිල දැමූ සිරකරුවෙකු මරුට

by Staff writer 16-06-2019 | 11:55 AM

COLOMBO (News 1st) - සිර මැදිරියක රඳවා සිටියදී අයිස් නැමති මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ගිල අසනීප වූ සැකකරුවෙකු ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වැල්ලම්පිටිය නාගහමුල්ල ප්‍රදේශයේදී අයිස් ග්‍රෑම් එකක් සමග මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු සිර මැදිරියේ රඳවා සිටියදී අසනීප තත්ත්වයක් හට ගැනීමත් සමග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ අත්අඩංගුවට ගැනීමට පෙර තමා සන්තකයේ තිබූ වෙනත් අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ගිල දැමූ බවයි. ඒ අනුව සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි කොලොන්නාවේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.