මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ආ සැකකරුවෙකුට පොලීසියෙන් වෙඩි

මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ආ සැකකරුවෙකුට පොලීසියෙන් වෙඩි

මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ආ සැකකරුවෙකුට පොලීසියෙන් වෙඩි

කර්තෘ Staff writer

16 Jun, 2019 | 4:28 pm

COLOMBO (News 1st) : හොරණ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකුට පොලීසිය අද අලුයම වෙඩි තබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අද අලුයම 3.00ට පමණ අදාළ මූල්‍ය ආයතනයට අදාළව හොරණ පොලීසියේ ස්ථාපනය කර ඇති ආරක්ෂිත නළාව නොකඩවා නාද වී තිබේ.

එහිදී පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එම ආයතනයට ගිය අවස්ථාවේ අනවසරයෙන් කිසියම් පුද්ගලයකු ඇති බවට හඳුනා ගෙන ඇතැයි පොලීසිය පැවසී ය.

පළමු මහලේ කිසියම් පුද්ගලයකු සිටිනු දුටු පොලිස් නිලධාරීන් ඔහු පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු අතේ තිබූ ගිනි අවිය පොලීසිය දෙසට එල්ල කර වෙඩි තැබීමට සුදානම් වී තිබේ.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකු, තවත් පොලිස් නිලධාරියෙකුගේ අතෙහි තිබූ ගිනි අවිය ගෙන සැකකරුගේ දකුණු පාදයට වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පොකුණුවිට, මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගේ ගිනි අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් පිස්තෝලයක් බවට අනාවරණය වී තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]