සා/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අපි Ranks දෙන්නේ නැහැ

"සා/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අපි Ranks දෙන්නේ නැහැ" - අකිල විරාජ්

by Staff writer 15-06-2019 | 8:20 AM

COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් ගනු ලබන නවතම ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගල්ගමුවේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් පැවසීය.

උත්සවය පැවැත්වුණේ කුරුණෑගල ගල්ගමුව කුඩාකත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් හා ද්වීතික කණිෂ්ට විද්‍යාගාරයක් විවෘත කිරීම වෙනුවෙනි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
විභාග දෙපාර්තමේන්තුවේ අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. විභාග දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යුහගත කරා. විභාග දෙපාර්තමේන්තුව ඩිජිටලරයිස් කරගෙන යනවා දැන්. පැය 24 ක් ඇතු‍‍ළත ඔරිජිනල් විභාග සහතිකේ තමන්ගේ ගෙදරට එනවා. අපි ශිෂ්‍යත්වයට වෙනම ක්‍රමයක් ගේනවා. ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගය අනිත් දවසේ අපි රූන්ක්ස් දෙන් නෑ. මේ පිළිබඳව අපි කමිටුවක් දාල තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයේ. අපි බලාපොරොත්තු වෙනවා මේ රූන්ක් කරන එක නවත්තන්න. පාස් නම් පාස් අධ්‍යාපනය ලබන්න මෙච්චර තරගකාරී වෙන්න ඕන නෑ.