යතුරු පැදිකරුවෙකුට මරු කැඳවූ ගිනිගත්හේනේ රිය අනතුර

යතුරු පැදිකරුවෙකුට මරු කැඳවූ ගිනිගත්හේනේ රිය අනතුර

by Staff writer 15-06-2019 | 5:35 PM
COLOMBO (News 1st) - අද උදෑසන හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බොදුපොළ ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු විය. යතුරු පැදිකරු බස් රථයේ පසුපස රෝදයට යට වී බරපතළ තුවාල ලබා නාවලපිටිය රෝහල වෙත රැගෙන යමින් සිටි අතර වාරයේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන අඔගමුව උඩුබුලත්ගම පදිංචි සනත් මධුරංග නමැති වයස අවුරුදු 23ක තරුණයෙකි. බස් රථයේ රියැදුරු මේ වන විට ගිනිගත්හේන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.