පොසොන් උත්සවයට දන්සැල් 7800 ක් ලියාපදිංචි කෙරේ

පොසොන් උත්සවයට දන්සැල් 7800 ක් ලියාපදිංචි කෙරේ

by Staff writer 15-06-2019 | 7:10 AM

COLOMBO (News 1st) - මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් 7800 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසුවේ, අනුරාධපුර ප්‍රදේශයෙන් පමණක් දන්සැල් 900 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවයි. මහජන පරිභෝජනයට නුසුදුසු ලෙස සංවිධානය කෙරෙන දන්සැල් තහනම් කිරීමට ද පියවර ගන්නා බව ඔහු පැවසුවේ ය.