හිස්බුල්ලාගෙන් TIDය පැය 8ක් ප්‍රකාශ සටහන් කර ගනී

නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට: පැය 8ක් ප්‍රකාශ සටහන් කර ගනී

by Staff writer 15-06-2019 | 9:36 PM
COLOMBO (News 1st) - නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අද පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි. ඔහු අද පස්වරුවේ ඉන් පිටතට පැමිණියේ පැය 8කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ය. පසුගිය අප්‍රේල් 22 රාත්‍රී 10.00ට පමණ ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවේ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැක සහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා අද මෙලෙස ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි.