ට්‍රම්ප්ගෙන් ඉරානයට චෝදනා

තෙල් නෞකා 2 ට ප්‍රහාර එල්ල කළේ ඉරානය - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 15-06-2019 | 11:50 AM

News 1st - ඕමාන මුහුදේදී තෙල් නෞකා දෙකකට ප්‍රහාර එල්ල වීම පිළිබඳ ඉරානය තමන් සම්බන්ධ නැතැයි ප්‍රකාශ කිරීම අමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ, මෙම තෙල් නෞකා දෙකට ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරානය බවයි. මේ අතර ඉරාන හමුදා භටයින් විසින් ප්‍රාහරයට ලක් වූ එක් තෙල් නෞකාවක බඳෙහි තිබූ පුපුරා නොගිය බෝම්බයක් ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ අමෙරිකානු හමුදාව අන්තර්ජාලයට මුදා හැරියේ ය. අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, එය ප්‍රහාරයකින් විනාශයට පත් වූ එක් තෙල් නෞකාවක් ආසන්නයේ සිදු වූ මෙහෙයුමක දර්ශන බවයි. මේ අතර මෙම තෙල් නෞකා දෙක ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් ප්‍රකාශ කළේ ය. මීට මාසයකට කට පෙර එකසත් අරාබි එමිර් මුහුදේදී ද තෙල් නෞකා 04 ක් ඉලක්ක කර මෙවැනිම ආකාරයේ ප්‍රහාර එල්ල වූ අතර අමෙරිකාව චෝදනා කළේ එම ප්‍රහාර ද ඉරානය විසින් සිදු කළ බවයි.