ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-06-2019 | 6:25 AM

දේශීය පුවත්

1. සුරක්ෂා රක්ෂණය ගැන ජනපති කොමිසමේදී අනාවරණයක්: ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක් වන තනූජා හිගුරගේ මහත්මිය ඊයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 2. ශ්‍රී ලංකා – ටජිකිස්ථාන ජනපතිවරු අතර හමුවක්: ටජිකිස්ථානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනාධිපති එමොමොලි රාමොන් මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය. 3. සහරාන් සමග සමීප සබඳතා පැවැත් වූ තව ත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට: පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යුද හමුදාව සමග ක්‍රියාත්මක කළ වැටලීමකින් මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත් වූ තව ත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4. නවකවදය නිසා නැගෙනහිර සරසවියේ සිසුන් 4 ක් රෝහලේ: නවකවදය ලබාදීමෙන් තුවාල ලැබූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

විදෙස් පුවත්

5. තෙල් නෞකාවලට පහරදුන් බවට අමෙරිකාව නගන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි: ඕමාන සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා 2 ක් පිපිරීමකට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීමෙන් නෞකා 2 ට දැඩි හානි සිදු වී ඇති බවයි.