by Staff writer 15-06-2019 | 12:36 PM
COLOMBO (News 1st) - කයිට්ස්, තිරතිව් දූපතේ සඟවා තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, තිරතිව් දූපතේ පඳුරක් අසළ පොලිතීන් කවරයකින් ආවරණය කර සඟවා තිබියදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි.
එහි තිබී ටී.එන්.ටී/ සීෆෝ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 98 ක් සහ සාමාන්‍ය සේවා නූල් කැබැලි කිහිපයක් සොයා ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඒවා විනාශ කිරීම සඳහා උසාවි නියෝග ලබා ගැනීමට කයිට්ස් පොලිස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි.