ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ අසුන්වල වෙනසක්

ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ අසුන්වල වෙනසක්

by Staff writer 15-06-2019 | 1:12 PM

COLOMBO (News 1st) - එළඹෙන පාර්ලිමේන්තු සතියේදී සභාවේ අසුන් පැනවීමේ සංයුතියේ වෙනසක් සිදුවන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පැවසුවේ, මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට පාර්ලිමේන්තුවට ලැබි ඇති බවයි. ඒ අනුව ඔවුන් සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙලට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පසු පවතින ආසන හිමිවනු ඇති. කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණ අනුව හිටපු අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, රවුෂ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් සහ එක්සත් ජාතීක පක්ෂ සභාපති කබීර් හෂීම් යන මහත්වරුන්ට ඉදිරිපෙළ අසුන් පැනවීමට තීරණය කර තිබේ.