by Staff writer 15-06-2019 | 8:53 PM
COLOMBO (News 1st) - රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පස්වරුවේ සිදු විය.
ඒ, ටජිකිස්ථානයේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අවසානයේදී ය.
අදාළ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ, ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් බලවතුන්ට ඉඩ නොදිය යුතු බව ය.
අද උදෑසන ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රන ශාලාවේදී ආරම්භ වූ සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනපති හසන් රුහානි, චීන ජනාධිපති සී ජිං පිං ඇතුළු ආසියා රටවල් රැසක නායකයෝ එක්ව සිටියහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව ඇමතුවේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.15ට පමණ ය.
මේ අතර චීන ජනාධිපතිවරයාගේ ජන්ම දිනය ද අද යෙදී ඇති අතර සමුළුව ආරම්භ වීමට පෙර රුසියානු ජනාධිපතිවරයා ඔහුට සුබ පැතුම් එක් කළේ ය.