අගරදගුරු හිමියන් සියොන් දේවස්ථානය නිරීක්ෂණය කරයි

අගරදගුරු හිමිපාණන් සියොන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

by Staff writer 15-06-2019 | 9:47 PM
COLOMBO (News 1st) - කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද මඩකලපුවේ සියොන් දේවස්ථානයේ සංචාරයක නිරත විය. මඩකලපුවේ සියොන් දේවස්ථානයට පසුගිය අප්‍රේල් 21 එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ බැතිමත්හු අද දේව ආශිර්වාද ලබා ගැනීම සඳහා එම දේවස්ථානයට පැමිණ සිටියහ. මෙහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් තුවාල ලැබූ එම බැතිමතුන්ගේ සුවදුක් විමසුවේ ය.