අගමැති යළි දිවයිනට

සිංගප්පුරුවේ සංචාරයකට ගිය අගමැති යළි දිවයිනට

by Staff writer 14-06-2019 | 5:52 PM

COLOMBO (News 1st) - සිංගප්පුරුවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.

අග්‍රාමාත්‍යවරයා ඊයේ සිංගප්පුරුවේ නීති පිළිබඳව අමාත්‍ය කේ. ෂණ්මුගන් මහතා හමුවිය. එම හමුවට සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම සිංගප්පුරුවේ ශ්‍රී ලංකා නිත්‍ය නොවන මහ කොමසාරිස්වරයා ද එක් ව සිටි බව සඳහන් වේ. අග්‍රාමාත්‍යවරයා සිංගප්පුරුව බලා පිටත්ව ගියේ පෙරේදායි.