by Staff writer 14-06-2019 | 3:46 PM
COLOMBO (News 1st) - ස්ත්රී දූෂණයකට වරදකරු වූ විත්තිකරුවෙකුට ගාල්ල පළාත්බද මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඒ, ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමිනි.
විත්තිකරුට රුපියල් 5000 ක දඩයක් නියම කළ අධිකරණය අදාළ කාන්තාවට රුපියල් 450,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද නියෝග කළේ ය.
අධිකරණය නියෝග කළේ, වන්දි සහ දඩ මුදල් නොගවන්නේ නම් තව ත් මාස 06 බැගින් වූ වසරක සිරදඬුවමක් ද විත්තිකරුට ලබාදෙන ලෙසයි.
2009 දෙසැම්බර් 07 වැනි දා හික්කඩුව පොලිස් වසමේදී මෙම ස්ත්රී දූෂණය සිදු කර තිබිණි.