සහරාන්ගේ තව ත් සමීපතමයින් දෙදෙනෙකු කොටුවෙති

සහරාන් සමග සමීප සබඳතා පැවැත් වූ තව ත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 14-06-2019 | 5:02 PM

COLOMBO (News 1st) - පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යුද හමුදාව සමග ක්‍රියාත්මක කළ වැටලීමකින් මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත් වූ තව ත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහනුවර හිඟුල ප්‍රදේශයේදී යි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, පරිගණක තාක්ෂණ ශිල්පියෙක් සහ රියැදුරෙකු බව පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පවත්වා ඇති බවත්, කාත්තන්කුඩි, මාදම්පේ සහ නුවරඑළිය ප්‍රදේශවල පුහුණුව ලබා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය විය. ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා මොහොමඩ් සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් අය බවට ද විමර්ශනවලදී අනාවරණ වී තිබේ. දැනට සැකකරුවන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබා ප්‍රශ්න කෙරෙනු ඇති.