බැටික්ලෝ කැම්පස් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට

බැටික්ලෝ කැම්පස් පිළිබඳ වාර්තාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට

by Staff writer 14-06-2019 | 7:43 AM
COLOMBO (News 1st) - මඩකලපුවේ ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේ, එම ආයතනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එම වාර්තාව හරහා යෝජනා කරන බව ය. අදාළ ආයතනය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊයේ දිනයේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවනු ලැබුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා, ඔහුගේ පුත්‍රයා සහ බැටික්ලෝ කැම්පස් ආයතනයේ ලේඛකාධිකාරීවරයා ලෙස කටයුතු කළ තැනැත්තායි. ඔවුන්ගෙන් එම ආයතනයට මුදල් ලැබුණු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේ ය.