අනුරාධපුරය සහ මිහින්තලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ සහ මිහින්තලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

by Staff writer 14-06-2019 | 4:06 PM

COLOMBO (News 1st) - පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලිස් නිලධාරීන් 4000 කට අධික පිරිසක් යොදවා ඇති බවයි. ඊට අමතරව එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශවලට පැමිණෙන සැදැහැවතුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑමට යාමෙන් වළකින ලෙසයි.