පන්නල ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

පන්නල ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 14-06-2019 | 7:23 AM
COLOMBO (News 1st) - පන්නල සදලංකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම මෙම ගින්න හට ගත් බව ය. මීගමුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ දෙකක් පිටත් කර යවා ඇති බව ය. ගින්නෙන් කර්මාන්ත ශාලාවට දැඩි අලහභානි සිදුව ඇතැයි අප ප්‍රාදේශිය වාර්තාකරු ප්‍රකාශ කළේ ය.