ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-06-2019 | 7:09 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. දකුණු ආසියානු කලාපීය නව ආරක්ෂක සහයෝගීතා වැඩසටහනට අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදල් ලබන වසර සඳහා අවශ්‍ය බව රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට සෙනෙට් සභාවට දැනුම් දී තිබේ. 2. මහ බැංකු බැඳුම්කර වංචාවේ විත්තිකරුවෙකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීම සඳහා ඊයේ අධිකරණය අවසර ලබා දුන්නේ ය. 3. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට අයත් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. 4. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා පත්කරනු ලැබ තිබේ. 5. ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබද සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ ටජිකිස්ථානය බලා පිටත්ව ගියේ ය. විදෙස් පුවත් 6. සෞදියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර යේමනයේ හූති කැරලිකරුවන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ක්‍රීඩා පුවත් 7. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 41ක ජයක් වාර්තා කළේ ය.