ඔස්ට්‍රේලියාව සංචාරක සීමා ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සම්බන්ධ සංචාරක සීමා ලිහිල් කරයි

by Staff writer 14-06-2019 | 12:03 PM
(News 1st) - ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, සංචාරක සීමා ලිහිල් කළ ද මෙරට මාධ්‍ය වාර්තා පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බව ය. මෙරට සංචාරය කරන විට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ගැන සෑම විටම දැනුවත්ව සිටිය යුතු බව ද ඔස්ට්‍රේලියානු රජය පුරවැසියන්ට දැනුම් දී තිබේ. ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් එම රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සීමා පනවනු ලැබුවේ අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙනි.