අප්‍රේල් 21 ප්‍රහාරය: ත්‍රස්ත සැකකරුවන් දිවයිනට

අප්‍රේල් 21 ප්‍රහාරය: ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදී සැකකරුවන් 5 දෙනෙකු දිවයිනට රැගෙන එයි

by Staff writer 14-06-2019 | 8:24 AM
COLOMBO (News 1st) - ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම ඔවුන් දිවයිනට රැගෙන ආ බව ය.