by Staff writer 13-06-2019 | 4:54 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට අයත් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.
ජාතික සේවක සංගමයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ලේකම් රංජිත් විජේසිරි මහතා පැවසුවේ, අද උදෑසන ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව ය.
ඒ හේතුවෙන් ඉදිරියේදී මේ පිළිබඳ නීතීමය ක්‍රියාමාර්ග කරා යොමු වීමට කටයුතු කරන බැවින් වැඩ වර්ජන අවසන් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, වර්ජනයේ නිරත වූ සාමාජිකයින්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දීමට කටයුතු කරන බව ය.