by Staff writer 13-06-2019 | 11:13 AM
COLOMBO (News 1st) : වර්ජනයේ නිරත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට අයත් සේවකයින් සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වේ.
මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල ලේකම් රංජිත් විජේසිරි මහතා පැවසුවේ, තම සමාජිකයින්ට ලබාදුන් උසස් වීම් 5100 ට අදාළ වැටුප් වැඩි කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක බවයි.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී නිශ්චිත විසඳුමක් නොලැබුණහොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේ ය.