by Staff writer 13-06-2019 | 12:30 PM
COLOMB (News 1st) : ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා පත්කරනු ලැබ තිබේ.
හමුදා ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද පෙරවරුවේ එම පත් කිරීම සිදුකළ බවයි.
ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා පසුගිය දා එම ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ, සෞඛ්‍ය හේතු මත යැයි පවසමිනි.
ජාතික බුද්ධි ප්‍රධානී ධුරයට පත් මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවට එක්වන්නේ 1984 වසරේදීයි.
ඔහු, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිවරයෙකු ලෙස මෙන්ම ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙස ද, කලක් කටයුතු කළේ ය.