පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි ධීවරයින් නිදහස්

පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි ධීවරයින් නිදහස්

by Staff writer 13-06-2019 | 7:18 AM
COLOMBO (News 1st) : පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි මෙරට ධීවරයින් 5 දෙනා නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ පසුගිය මාර්තු මස 26 වැනිදායි. පකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිට නිදහස ලැබූ ධීවරයින් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසී ය.