ජෙෆ්රි ජෝසෆ්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ්ට සිංගප්පූරුවට යාමට අධිකරණයෙන් අවසර

by Staff writer 13-06-2019 | 5:58 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාවේ විත්තිකරුවෙකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීම සඳහා අද අධිකරණය අවසර ලබා දුන්නේ ය. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් ඔහු කළ ඉල්ලීමකට අනුව ය. සිංගප්පූරුවේ පැවැත්වෙන සිය දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය. ඒ අනුව ලබන පළමු වන දා සිට 11 වන දා දක්වා විදේශගත වීමට ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට අවසර ලබා දුන්නේ ය. ඒ, රුපියල් ලක්ෂ 25 බැගින් වූ බැඳුම්කර දෙකක් මත ය.