by Staff writer 13-06-2019 | 11:08 AM
COLOMBO (News 1st) : ඒ - 9 මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, කිලිනොච්චියේ සිට මාතලේ ප්‍රදේශයට අදාළ කේරළ ගංජා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් සතුව තිබී කේරළ ගංජාජා කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 450 ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ, ගලේවෙල සහ මාදම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් 20, 25, 29, සහ 36 වැනි වියේ පසුවේ.
සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.