වැසි තත්ත්වයේ වැඩිවීමක්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

කර්තෘ Staff writer

13 Jun, 2019 | 11:01 am

COLOMBO (News 1st) : දිවයින හරහා, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අරාබි මුහුද ආශ්‍රිතව හටගත් වායු සුළි කුණාටුව ඉන්දියාවේ ගුජරාට් වෙරළ තිර දෙසන් උතුරු දිසාවට ගමන් කරමින් තිබේ.

මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබේ.

ගලවා ගැනිමේ කණ්ඩායම් 52 ක් පමණ ආපදා මෙහෙයුම්වල යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එරට කාලගුණ බලධාරින් සඳහන් කළේ, පැයට කිලෝමිටර් 155ත් 156 ත් අතර වේගයකින් හමා යන වායු සුලි කුණාටුවේ බලපැම දින දෙකක් පමණ අපෙක්ෂා කරන බවයි.

වායු සුළි කුණාටුකව හේතුවෙන් මුහුදු බඩ දුම්රිය ගමන් වාර 70වක් තාවකාලිකව නතර කිරීමට ද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන් ය.

මේ අතර මුම්බායි ගුවන් තොටුපළ ආශ්‍රිත ගුවන් ගමන් 400කට පමණ පවතින අහයපත් කාලගුණයෙන් බලපැම් එල්ල වි ඇති අතර ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]