English
தமிழ்
කර්තෘ Staff writer
13 Jun, 2019 | 8:32 am
COLOMBO (News 1st) : ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 41ක ජයක් වාර්තා කළේ ය.
ඒ අනුව ඔවුන් තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ටවුන්ටන්හිදී පවැති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළහ.
23 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක ඒරන් ෆින්ච් ලකුණු
82 ක් රැස් කළේ 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් සමගිනි.
ෆින්ච් සහ වෝනර් ඔස්ට්‍රේලියා පළමු කඩුල්ලට ලකුණු 146 ක සබඳතාවක් ගොඩනැගූහ.
ස්ටීවන් ස්මිත් ලකුණු 10ක් රැස් කළ අතර ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 20 යි.
15 වැනි එක්දින ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 107ක් රැස් කළේ 4 පහර 11ක් සහ 6 පහරක් සමගිනි.
ලකුණු 19ක් තුළ ඔස්ට්‍රේලියා අවසන් කඩුලු 4 දවා ගැනීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත් විය.
මොහොමඩ් අමීර් ලකුණු 30ට කඩුලු 5ක් දවා ගත්තේ ය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 307කි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 2ක් තුළ බිඳ වැටිණ.
ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සහ බාබර් අසාම් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 54කි.
බාබර් අසාම් ලකුණු 30 ක් රැස් කළේ ය.
ඉමාම් උල් හක් සමග එක් වු මෙහොමඩ් හෆීස් තුන්වැනි කඩුල්ලට ලකුණු 80ක ශක්තිමත් සබදතාවක් ගොඩනැගුවා.
6 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ඉමාම් උල් හක් ලකුණු 53යි.
මොහොමඩ් හෆීස් ලකුණු 46 ක් රැස් කළ අතර පකිස්ථාන මුල් පෙල කඩුලු 5 ලකුණු 147 කදී බිද වැටුණා.
වේගවත් පිතිහරඹයක නිරත වූ වහාබ් රියාස් ලකුණු 45ක් රැස් කළේ පන්දු 39කින්.
ලකුණු 2ක් තුළ පකිස්ථාන අවසන් කඩුලු 3 බිඳ වැටුණු අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 33ට කඩුලු 3යි.
මිචෙල් ස්ටාර්ක් ලකුණු 43ට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ වීරයා ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්.
09 Dec, 2019 | 05:25 PM
07 Dec, 2019 | 08:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS