ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

13 Jun, 2019 | 7:56 am

දේශීය පුවත්….

1. කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය යළි විවෘත කෙරේ : අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කෝචිච්කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය ඊයේ යළි විවෘත කෙරිණ.

2. බීමත් බස් රියැදුරුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අහෝසි : බීමතින් මගීන් ප්‍රවාහනය කළ ගම්පහ – කොළඹ පුද්ගලික බස්රථ රියැදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අහෝසි කිරීමට අධිකරණය ඊයේ නියෝග කළේ ය.

3. කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මුබාරක් 2014 සිට NTJ සමග සබඳතා පවත්වා ඇති බව හෙළිවෙයි : කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් 2014 වසරේ සිට ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග සක්‍රීයව සබඳතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය දැනුම් දුන්නේ ය.

4. අනුරාධපුර සියලු සුරාසැල් හෙට (13) සිට ලබන 19 වැනිදා දක්වා වසා දමයි : අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට සිට ලබන 19 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.

5. අධිකරණයට අපහාස කිරීමට අදාළව රන්ජන් රාමනායකට මසක් තුළ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිට නියෝග : අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන්, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාසයක කාලයක් ඇතුළත චෝදනා ගොනු කිරිමට පියවර ගන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද නියෝග කළේය.

විදෙස් පුවත්…
1. සෞදියේ අභා ගුවන් තොටුපළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් : සෞදියේ අභා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර යේමනයේ හූති කැරලිකරුවන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]