රුසියාවේ ජාතික දිනය අදයි ..

රුසියාවේ ජාතික දිනය අදයි ..

by Staff writer 12-06-2019 | 8:12 PM
COLOMBO (News 1st) : රුසියාවේ ජාතික දිනය අදයි .. යුධ ශක්තිය හා ස්වභාවික සම්පත් අතින් සැලකූ විට ලෝව බලවත්ම රාජ්‍යය ලෙස සැලකෙන රුසියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1990 වසරේදීයි.. ඒ 1990 ජූනි 12 වනදා, රුසියානු සෝවියට් සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගැනිමත් සමගයි. නව ව්‍යවස්ථාව සම්මත කොට හරියටම වසරක් ගත වෙදී, 1991 ජූනි 12 වනදා රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති තනතුරක් ඇති කර එයට බොරිස් යෙල්ට්සින් පත් කෙරිණ. ඒ අනූව, සෝවියට් සංගමය වෙනුවට , රුසියානු සමූහාණ්ඩුව යන නම සම්මත වූ අතර, ජාතික ගීයක් ධජයක් හා රාජ්‍ය ලාංඡනනයක් නිර්මාණය කළේ ය. එදා සිට සෑම වසරකම මෙම දිනය සමරන රුසියාව එදින නිවාඩු දිනයක් බවට ද පත්කොට තිබේ. 1891 සිට නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන රුසියාව හා ශ්‍රී ලංකාව අදටද ඉතා යහපත් මිත්‍ර සබඳතාවක සිටින බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා පවසයි.   https://www.facebook.com/NewsfirstSL/videos/373108089985075/