by Staff writer 12-06-2019 | 2:48 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් හතරදෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, තංගල්ල රොකී තුඩුව අවට මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් වයස අවුරුදු 27 ත් 56 ත් අතර පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
ඔවුන් ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දුන් බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.