කළු අජිත් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

කළු අජිත් වෙඩි තබා ඝාතනය කළ හීනැටියන සංක අත්අඩංගුවට

by Staff writer 12-06-2019 | 2:59 PM
COLOMBO (News 1st) : මිනුවන්ගොඩ කළු අජිත් නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. හීනැටියන සංක නමැති එම සැකකරු අත්අඩංගුවට ගැනුණේ අද පෙරවරුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදීයි. කළු අජිත් නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ තිබිණ. ටී 56 ගිනි අවියක් සමග ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ, ජා-ඇල ඒකල ප්‍රදේශයේදීයි.