සෞදියේ අභා ගුවන් තොටුපළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්

සෞදියේ අභා ගුවන් තොටුපළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්

by Staff writer 12-06-2019 | 7:48 PM
COLOMBO (News 1st) : සෞදියේ අභා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර යේමනයේ හූති කැරලිකරුවන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඒ අතරට කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු ඇතුළත් ය. මිසයිල ප්‍රහාර පතිත වී තිබුණේ ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයටයි. ප්‍රහාර එල්ල වීමත් සමඟ ගුවන් තොටුපළ සහ අවට ආරක්ෂාව තරකර තිබේ. මීට සති කිහිපයකට ඉහතදී ද සෞදියේ රියාද් සහ ජීසාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයට මෙවැනිම ගුවන් ප්‍රහාර එල්ල විය. ඊට අමතරව සෞදියේ ප්‍රධාන ඉන්ධන නල පද්ධති දෙකකට ද හූති කැරලිකරුවන් පසුගිය මැයි මාසයේදී ප්‍රහාර එල්ල කළේ ය.