බීමත් බස් රියැදුරාගේ බලපත්‍රය අහෝසියි

බීමත් බස් රියැදුරුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අහෝසි

by Staff writer 12-06-2019 | 5:04 PM
COLOMBO (News 1st) : බීමතින් මගීන් ප්‍රවාහනය කළ ගම්පහ - කොළඹ පුද්ගලික බස්රථ රියැදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අහෝසි කිරීමට අධිකරණය අද නියෝග කළේ ය. ඒ එම රියැදුරා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊට අමතරව ඔහුට රුපියල් 7500 ක දඩයක් ද නියම කළේ ය. මෙලෙස දඬුවම් නියම වූයේ දෙකටන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටයි. ගම්පහ නගරයේ මාර්ග අවහිර කරමින් ඉතා අපරීක්ෂාකාරි ලෙස බස්රථය ධාවනය කරන අවස්ථාවේදී ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියැදුරා ශ්වසන පරීක්ෂණයකට ලක් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු බීමත්ව සිටින බවටයි.