අනුරාධපුර සුරාසැල් හෙට සිට 19 දක්වා වසා දමයි

අනුරාධපුර සියලු සුරාසැල් හෙට සිට ලබන 19 වැනිදා දක්වා වසා දමයි

by Staff writer 12-06-2019 | 9:07 AM
COLOMBO (News 1st): අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට සිට ලබන 19 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් එම තීරණය ගත් බව ය. අදාළ කාලසීමාව තුළ නීතිවිරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් ක්‍රියාත්මක බව ද, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර, ජාතික පොසොන් සතිය අදින් ආරම්භ විය. පළාත් සභා, පළාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පොසොන් සතියේදි නිවාසවල සහ සියලු ආයතනවල බෞද්ධ කොඩි ඔසවා ආගමික කටයුතුවලට මුල් තැන දී කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ය. ජාතික පොසොන් සතියේ සමාරම්භය සනිටුහන් කරමින් සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පිරිත් සජ්ජායනා ඇතුළු ආගමික වැඩසටහන් ද පැවැත්වෙනු ඇති.