රන්ජන්ට මසක් තුළ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිට නියෝග

අධිකරණයට අපහාස කිරීමට අදාළව රන්ජන් රාමනායකට මසක් තුළ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිට නියෝග

by Staff writer 12-06-2019 | 12:42 PM
COLOMBO (News 1st): අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන්, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාසයක කාලයක් ඇතුළත චෝදනා ගොනු කිරිමට පියවර ගන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද නියෝග කළේය. චෝදනා සම්බන්ධයෙන් වන විභාගය ලබන මස 30 වනදා සිට ආරම්භ කිරිමට නියමිත ය. අද දින එම නඩුව කැඳවනු ලැබුවේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පවරා ඇති දෙවන නඩුව මෙය වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරිම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනි සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කළ බවට රන්ජන් රාමනායක මහතාට චෝදනා එල්ල වී තිබේ.