හොරොව්පතාන OICට අල්ලස් දුන් තරුණයා රිමාන්ඩ්

හොරොව්පතාන OICට අල්ලස් දුන් තරුණයා යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 11-06-2019 | 1:32 PM
COLOMBO (News 1st): හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයා ලබන 18 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය. ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ හෙරොව්පාතාන පොලිසියි විසින් අත්අඩංගුවට ගත් සිය මාමාට අධිකරණයෙන් ඇප ලබා දෙන ඉල්ලා සැකකරු එම අල්ලස් මුදල ලබා දී තිබේ. හෙරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා දෙන බව පොරොන්දු වී රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබා දෙන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනිණි. සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 18 වැනිදා ලබා දෙන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.