ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍යයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

by Staff writer 11-06-2019 | 7:02 PM
COLOMBO (News 1st) : සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍යවල ශ්‍රී ලංකා ක්‍රිකට් මාස 9න් බංකොලොත් වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ සමාජ මාධ්‍යවල පළවී ඇති වාර්තා තම න්‍යාය පත්‍රයට අනුව කටයතු කරන ඉන්දීය ඕපාදූප සහිත වෙබ් අඩවියක පළ වී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. තම කීර්තිනාමය පළුදු කිරීමට මෙවැනි වාර්තා යොදා ගන්නා බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. අදාළ වෙබ් අඩවියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද මෙම නිවේදනයේ සඳහන් ය.