ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට

රාවණා ඇල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට

by Staff writer 11-06-2019 | 11:18 AM
COLOMBO (News 1st): ඇල්ල - වැල්ලවාය මාර්ගයේ, රාවණා ඇල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 9.30 ට පමණ රියැදුරුට ත්‍රිරෝද රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 350 ක් පමණ ප්‍රපාතයට පෙරළී ඇති බව ය. අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරු ඇතුළු 6 දෙනෙක බරපතල තුවාල ලබා රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ, මීගහකිවුල හා ඇල්ල ප්‍රදේශවල පදිංචි 36 හා 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. තුවාලකරුවන් අතර පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.