මොරටුමුල්ලේ කාණුවකින් උණ්ඩ තොගයක් සොයා ගැනේ

මොරටුමුල්ලේ කාණුවකින් උණ්ඩ තොගයක් සොයා ගැනේ

by Staff writer 11-06-2019 | 10:27 PM
COLOMBO (News 1st) : මොරටුමුල්ල ශාන්ත අන්තෝනි මාර්ගයේ ලී වෙළඳසැලක් පිටුපස කාණුවක තිබු උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමකදී එම උණ්ඩ තොගය ඇතුළු ආයුද සොයා ගත් බවයි. මැගසින් එකක් සහ රිවෝල්වරයක් ද ඒ අතර වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. රිවෝල්වර සඳහා භාවිත කරන උණ්ඩ 100 ක්, නයින් එම් එම් වර්ගයේ උණ්ඩ 50 ක් සහ තවත් උණ්ඩ 04 ක් ද පොලීසියට භාරයට ගැනිණ. මෛ උණ්ඩ තොගයේ සහ ගිනි අවිවල හිමිකරු කවුරුන් ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.