ලසිත් මාලිංගගේ නැන්දනිය අභාවප්‍රාප්ත වෙයි

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

by Chathuranga Rajapaksha 11-06-2019 | 12:30 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, හේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය. මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය. අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය. අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය.