by Staff writer 11-06-2019 | 5:58 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රීයේ සිට තම සමාජිකයින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අරඹන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ජාතික සේවක සංගමය පවසයි.
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල ලේකම් රංජිත් විජේසිරි මහතා පැවසුවේ, තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා මෙම තීරණය ගත් බවයි.
ජාතික සේවක සංගමයට අයත් ශ්‍රී ලංගම සේවකයින් පිරිසක් දින දෙකක් පුරා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ක්‍රියාත්මක කළ විරෝධතාව ද මේ වන විට අවසන් කර තිබේ.
තම සමාජිකයින්ට ලබාදුන් උසස් වීම් 5100ක් ස්ථීර කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන තමන් මෙම විරෝධතාවයේ නිරත වූ බව, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
https://www.youtube.com/watch?v=u7kxGR9Riak